මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙරටින් ඊයේ (02) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1891 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 48 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඊයේ (02) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 387 ක් ලෙස දැක්වේ.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 330 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 දෙනෙකු ද වාර්තා වන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 102 ක් ද වාර්තා වී ඇත.
අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 09 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ, කැබිතිගොල්ලෑව, බණ්ඩාරගම, පොළොන්නරුව, ලෙවුල , මාලඹේ, තැන්නේකුඹුර, මත්තේගොඩ කන්තලේ සහ වරාකාමුර යන ප්‍රදේශ වල පුද්ගලයින් වේ . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 667 ක් දක්වා ඉහළ ගියේ ය.
මේ අතර දිස්ත්‍රික්ක 5ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ,
නුවරඑළිය දිස්ත්‍රික්කය
හඟුරන්කෙත පොලිස් වසමේ, රත්මැටිය (494C) ග්‍රාම නිලධාරි වසම
කළුතර දිස්ත්‍රික්කය
පානදුර දකුණ පොලිස් වසමේ, පිංවත්ත (696) ග්‍රාම නිලධාරි වසම, නාරම්පිටිය (696A) ග්‍රාම නිලධාරි වසම හා පිංවත්ත බටහිර (663A) ග්‍රාම නිලධාරි වසම
කොළඹ දිස්ත්‍රික්කය
පාදුක්ක පොලිස් වසමේ, උග්ගල්ල (454) ග්‍රාම නිලධාරි වසම
මඩකලපුව දිස්ත්‍රික්කය
මන්මුනෙයි උතුර පොලිස් වසමේ, තිස්සවීරසිංහම් චතුරශ්‍රය (173J) ග්‍රාම නිලධාරි වසම
ගම්පහ දිස්ත්‍රික්කය
වත්තල පොලිස් වසමේ, අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 111,753
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 97,847
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 13,815
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 696