මෙරට තැපැල් කාර්යාල වල සේවයේ යෙදෙන තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් කොම්පඤ්ඤ වීදිය, පානදුර, කෙසෙල්වත්ත හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල වසා දමා ඇති බව ඒ මහතා සඳහන් කළේය.
තව ද කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් දිවයින පුරා පිහිටි උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල තැපැල් කාර්යාල කටයුතු ක්‍රියාත්මක නොවන බව ද ඒ මහතා කියා සිටියේය.