Headlines

    රණවිරු සැමරුම් මාසය ඇරඹේ..

    මෙරට දශක 3 කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතික රණවිරු මාසය සමරනු ලැබේ.

    ජාතික රණවිරු සැමරුම් මාසය ඊයේ (04) සිට ආරම්භ වූ අතර ජාතික රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැළඳ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය ජනාධිපතිතුමන් හට පැළඳවීම සිදු කරනු ලැබ තිබේ.

    මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ද එක්ව සිටි බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *