මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (05) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙරටින් ඊයේ (05) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1939 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඊයේ (05) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 42 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මේ අතර ඊයේ (05) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 498 ක් ලෙස දැක්වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 387 ද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 377 දෙනෙකු ද වාර්තා වී ඇත.
අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
ගෙවී ගිය දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 922 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට කොවිඩ් අසාදිතව සුවය ලැබූ පිරිස ලක්ෂය ඉක්මවා ගියේය.
කෙසේ වෙතත් පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 14 ක් වාර්තා වී ඇති අතර මෙය එක් දිනක් තුළ මෙරටින් මිය ගිය වැඩිම කොවිඩ් -19 මරණ සංඛ්‍යාව වේ. මෙහි දී මියගොස් ඇත්තේ, හිඟුරක්ගොඩ, පොළොන්නරුව, ගෝනපළ, බුලත්කොහුපිටිය, දෙවනගල, ගල්ලෑල්ල, තිරප්පනේ, වත්තල, කළුතර දකුණ, පයාගල, පේරාදෙණිය, කුරණ, දුම්මලසූරිය සහ කිරිබත්කුඹුර යන ප්‍රදේශ වල පුද්ගලයින් වේ . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 734 ක් දක්වා ඉහළ ගියේ ය.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 117,529
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 100,075
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 16,720
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 734

