ලක්ෂ 200කට අධික කොරෝනා ආසාදිතයින් සමග ඉන්දියාව තවමත් ඔක්සිජන් සොයමින් සිටී.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ගෙවුණූ පැය 24 තුළ හාර ලක්ෂය දොලොස් දහසකට අධික ආසාදිතයන් පිරිසක් ඉන්දියාවේ කොරෝනා ලැයිස්තුවට එකතු වූ අතර අලුතින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 3980 ක් බවයි.
නවදිල්ලිය සහ තවත් ප්‍රාන්ත හතරක කෝටි ගණන් ජනතාව ජීවිතය ඉල්ලමින් සිටින අතර ඊයේ (05) දිනයේ නවදිල්ලි රෝහලක රෝගීන් 5 දෙනෙකු ඔක්සිජන් නොමැති වීමෙන් ජීවිතක්ෂයට පත් තිබේ.
කොවිඩ් මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් ද ඉන්දියාව දැඩි අර්බූදයකට මුහුණ දී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට ඉන්දියාවේ බොහෝ උද්‍යාන පොදු සුසාන භූමි බවට පත්ව ඇති අතර ආගමික පූජකවරුන් පැය 24 පුරාම මියගිය අයට ශාන්තිය ප්‍රාර්ථනා කරමින් එම ස්ථානවල ගැවසෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර අද (05) කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය තම පියාගේ සෑයට පැන දරුණු ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇති දියණියකගේ ඛේදජනක සිදුවීමක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයෙන් වාර්තා වුණි.
34 හැවිරිදි වියේ පසුවන ඇය ආදාහනය අතරතුර සිය පියාගේ අවමංගල්‍ය කුළුණ මතට පැන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, Damodardas Sharda නම් 73 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය පුද්ගලයාගේ බාල දියණිය මෙසේ අවමංගල්‍ය කුළුණ මතට පැන ඇති අතර ඇය මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු කර ඇති බවයි.
මෙම මාරාන්ති වෛරස ව්‍යප්තිය හේතුවෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් සත්ත්වෝද්‍යානයේ ආසියාතික සිංහයන් 8 දෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව ද එරට පරිසර අමාත්‍යාංශය ප්‍රකාශකර ඇත.

