පසුගිය දිනය තුළ එනම් 10 දා තුළ දී එංගලන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේ ජූලි 30 සිට දෛනිකව එරටින් කොරෝනා මරණ වාර්තා වූ අතර පසුගිය දිනය තුළ එරටින් මරණ වාර්තා නොවීම කැපී පෙනෙන කරුණකි.
මේ අතර පසුගිය සදුදා (10) දිනයේ දී ද එරටින් වාර්තා වී ඇත්තේ කොවිඩ් ආසාදිත මරණ 4 ක් පමණි.
කෙසේ වෙතත් මේ වන විට එංගලන්තය තුළ කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 112,263 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගත වූ පැය 24 දී එරටින් ආසාදිතයින් 2,117 දෙනෙකු වාර්තා වීමත් සමග එරට සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 3,878,541 ඉක්මවා ගියේ ය.
මේ අතර අමෙරිකාව නිෂ්පාදිත Pfizer/BioNTech කොරෝනා මර්දන එන්නත වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.