රටතුළ පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ 05 ක වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නෝර්ටන්, කැනියන්, කුකුලේ ගඟ, උඩවලව සහ දැදුරුඔය යන ජලාශවල වාන් දොරටු මෙලෙස විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේවන විට කළු, කැලණි, ගිං, නිල්වලා , අත්තනගලු සහ මා ඔයේ ජල මට්ටම් අඛණ්ඩව ඉහළ යමින් ඇති බවයි.
ඒ සම්බන්ධයෙන්, ගංගා දෙපස ජනතාව දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ වනවිටත් ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්වල ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල , දොම්පේ, සීතාවක,කඩුවෙල, බියගම, කොලොන්නාව, වත්තල සහ කොළඹ පහත් බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් සිටින්නැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උපදෙස් දී ඇත.
ඊයේ (13) පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම් සිදුව ඇති අතර ඊයේ (13) දවස පුරා නිල්වලා ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට සහ කිරම ඔය ආරට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට නිල්වලා ගඟ පිටාර ගලමින් ගංවතුර මට්ටමට පත්ව ඇති බව වාර්තා වේ.
මේ වන විටත් අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙන්ම ඒ අවට ප්‍රදේශ ජලයෙන් යටවී තිබූ අතර ආපදා කළමනාකරණ ඒකකය සහ අකුරැස්ස පොලිසිය ඊයේ රාත්‍රියේම නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර අවදානම් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ඇනහිටීමක්ද වාර්තා වී ඇත.
මේ අතර, ගිං ගගේ බද්දේගම ජල මාපකයේ අගය මේ වන විට පිටාර මට්ටම ඉක්වමා ගොස් තිබේ.
ඊයේ (13) දිනයේ දී කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක ද අධික වර්ෂාපතනයක් හා දැඩි සුළං තත්ත්වයක් දක්නට ලැබුණු අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අද (14) දිනය තුළ දී ද බලාපොරත්තු විය හැකි බවයි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, මෙම තත්වය එළඹෙන 15 වැනි දා දක්වා බලපැවැත්විය හැකි බවයි.