දිවයිනේ හුදකලා කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට හා නිරෝධායනය සඳහා යොමු කළ පවුල්වලට රුපියල් 5,000ක වටිනාකමින් යුත් භණ්ඩ සහිත සහන මල්ල ලබා දෙන බව වෙළෙඳ අමාත්‍යාංශය ඊයේ (14) නිවේදනක් නිකුත් කරමින් ප්‍රකාශ කරේය.
ඒ අනුව මෙම සහන මල්ලට ද්‍රව්‍ය 20ක් ඇතුළත් බවත්, සතොස ආයතනය හරහා ලබා දෙන මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශවලට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කරනු ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසල් ජාලය විවෘතව තැබෙන බවය.
සහන මල්ලේ අඩංගු භාණ්ඩ නම්,
රතු කැකුළු සහල් 5kg
සුදු නාඩු සහල් 10kg
අල(දේශීය) 3kg
රතු පරිප්පු 2kg
සුදු සීනි 1kg
දුඹුරු සීනි 1kg
පාන් පිටි 3kg
නුඩ්ල්ස් 1 kg
තේ කොළ 200 g
බී ඵෑණූ 3 kg
හාල්මැස්සන් 500 g
දෙවැනි බත පැකට් 1 යි (350 g)
ලුණු කැට 1 kg
බිස්කට් පැකට් 1 යි (500g)
මිරිස් කුඩු 200 g
සෝයා මීට් 90g පැකට් 02
ගම්මිරිස් 100g
මුහුණු ආවරණ 10 යි
බිස්කට් පැකට් 1 යි (350g)
විෂබීජ නාශක දියර 100ml




