මෙරට සංචරණ සීමා පනවා ඇති කාල සීමාවල ජනතාවට අවශ්‍ය එළවළු, පළතුරු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරිමට අවසර දී ඇති බව වාර්තා වේ.
ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් විශේෂ අවසර පත්‍රයක් ලබා ගත යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය පැවසුවේය.
ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන්, සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවයි.
මේ අතර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, අද (16) සිට තොග වෙළදාම සඳහා පමණක්, පිටකොටුව තොග වෙළද සංකීර්ණය විවෘත කිරිමට තීරණය කළ බවයි.
ඒ අනුව සිල්ලර වෙළදුන් සඳහා භාණ්ඩ තොග වශයෙන් රැගෙන යා හැකි අතර වෙළඳ සංකීර්ණය තුළ සිල්ලර වෙළදාම තහනම් වේ.




