ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර සිදුවන ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයින් 137 දෙනෙකු මියගොස් ඇති අතර ඊට ළමුන් 36 දෙනෙකු ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලයේ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර පසුගිය සඳුදා සිට එල්ල කරන ලද ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 920 කට අධික බව වාර්තා වේ.
පසුගිය සඳුදා සිට එල්ල කරන ලද ප්‍රහාර අතර ගාසා තීරයේ අල් ජසීරා (Al Jazeera) ඇතුළු ඇසොසිඒටඩ් ප්‍රෙස් (Associated Press / AP) වැනි ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වූ ගොඩනැගිල්ලකට ඊශ්‍රායලය රොකට් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
මේ අතර තුර ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අමෙරිකානු තානාපති හැඩි අමර් තානාපතිවරයා ටෙල් අවීව් නුවරට පැමිණ ඇති බවය.
එහිදී තානාපතිවරයා ඊශ්‍රායල, පලස්තීන සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.






