සම්බුදු තෙමඟුල සමරමින් පවත්වන මෙවර වෙසක් උත්සවයේදී ප්ලාස්ටික් හා පොලිතීන් වලින් නිමවන ලද වෙසක් සැරසිලි භාවිතා නොකර පරිසර හිතකාමීව කටයුතු කරන මෙන් පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, වාර්ෂිකව පොලිතීන් හා ප්ලාස්ටික් ආනයනය සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 5,800 ක් පමණ වන අතර වාර්ෂිකව මෙරටට ආනයනය කරන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් එක් ලක්ෂ 77,197 බවයි.
එයින් ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන්නේ ඉන් සියයට 7.1ක් හෙවත් ටොන් 12,636ක් පමණක් බවත් ඉතිරි සියයට 92.09 ම පරිසරයට මුදා හරිනු ඇති බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව ප්ලාස්ටික් හා පොලිතීන්වලින් සිදුවන දැවැන්ත පරිසර හානිය වළක්වා ගැනීම සඳහා වෙසක් පුන් පොහෝ දිනයේ දී හැකිතරම් ප්ලාස්ටික් හා පොලිතීන් වලින් සකස් කරන ලද සැරසිලි යොදා ගැනීමෙන් වළකින්නැයි එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලදී.
මේ අතර සෞඛ්‍ය අංශ ද ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මෙවර වෙසක් උත්සවය කොවිඩ් මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් සමරන ලෙසයි.




