ගෙවුණු දිනය (18) තුළ කොවිඩ් අසාදිතයින් 2,518 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම පිරිස අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 40 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය.
ඊයේ (18) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 391 ක් ලෙස දැක්වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 350 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 333 දෙනෙකු ද වාර්තා වේ.
තව ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 179 දෙනෙකු හඳුනාගෙන තිබේ.
අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 34 ක් වාර්තා වී ඇති අතර එය දිනක් තුළ මෙරටින් මියගිය වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 1015 ක් දක්වා ඉහළ ගියේ ය.
මිය ගිය පිරිස අතරින් 32 දෙනෙකුගේම මරණවලට කොවිඩ් නිව්මෝනියාව හේතු වී තිබේ.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 147,720
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 121,145
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 25,560
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 1015




