Headlines

    චීනයෙන් එන්නත් මාත්‍රා මි. 14ක්..

    ශ්‍රී ලංකා රජය විසින් චීනයෙන් සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන තානාපති ක්වි ෂෙන්හෝං මහතා අතර ඊයේ (19) පැවති හමුවකදී මෙරට කොරෝනා පාලනය සිදුවන ආකාරය පිළිබඳව සාකච්ඡා කළ බවයි.

    ඒ අනුව චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්දන එන්නත වන සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ5 ක් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව චීන තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර ඇත.

    එම එන්නත් තොගයේ මාත්‍රා ලක්ෂ 5 ක් ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිත බව වාර්තා වේ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය විසින් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මේ වන විටත් චීනයෙන් ඇනවුම් කර තිබේ.

    ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 3ක් මාසයක් ඇතුළත එනම් ජූනි මාසය තුළ ශ්‍රී ලංකාවට ලබාදෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *