Headlines

    ඊශ්‍රායල හා හමාස් සටන්කාමීන් ගාසා තීරයේ සටන් විරාමයක..

    ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති බව ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිවේදනය කළේය.

    ඒ අනුව එම කාලය කොන්දෙසි විරහිතව ක්‍රියාත්මක විය යුතු බව, සටන් විරාමය තහවුරු කරමින් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිවේදනය කළේය.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පෙරට සාපේක්ෂව මෙවර ගාසා තීරයේ පැවති ගැටුම්වලදී සිය හමුදා හොඳ ප්‍රගතියක් ලබා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවයි.

    මේ අතර හමාස් සංවිධානය සටන් විරාමය අර්ථ දක්වා ඇත්තේ පලස්තීනුවන් අත්කර ගත් ජයග්‍රහණයක් හා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පරාජය කිරීමක් ලෙස බව විදෙස් මාධ්‍ය දක්වයි.

    කෙසේ වෙතත් ගාසා තීරයේ හටගත් මෙම ගැටුම් හේතුවෙන් පසුගිය දින කිහිපයේ පමණක් පලස්තීනුවන් 232 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතරින් කාන්තාවන් 100 දෙනෙකු ද ළමුන් 63 ද සිටින බව වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යුද ගැටුම් හේතුවෙන් අවතැන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න බවයි.

    මේ අතර අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසන්නේ, ගාසා තීරයේ සටන් විරාමය දෙපාර්ශවයටම අව්‍යාජ අවස්ථාවක් බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *