අද (21) මධ්‍යම රාත්‍රි 11 සිට 25 වැනි අගහරුවාදා උදෑසන 4.00 දක්වා කාලය තුළ දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව 25 වැනි අඟහරුවාදා උදෑසන 4 ට එම සංචරණ සීමා ඉවත් කර නැවත එදිනම රාත්‍රි 11.00 සිට 28 වැනිදා උදෑසන 4.00 දක්වා සංචරණ සීමා පනවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ, සංචරණ සීමා පනවා ඇති කාලය තුළ අත්‍යාවශ්‍ය සහ මේ වනවිට සඳහන් කර ඇති සේවාවල යෙදෙන පුද්ගලයින් හැර සෙසු පුද්ගලයින් නිවෙස්වල රැඳී සිටිය යුතු බවය.




