Headlines

    ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු – ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්..

    අද(21) රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මීලිමීටර් 100ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින හරහා හමන සුළං තත්ත්වයේ ද වැඩි වීමක් ද අපේක්ෂා කළ හැකි බවයි.

    එහි දී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40-50 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    තව ද ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින කැළඹිලි ස්වභාවය ඉදිරියේදී සුළි කුණාටුවක් බවට පත්වීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ අතර ලබන 25 සහ 26 යන දිනවල නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ඒ හේතුවෙන් මැයි 24, 25 සහ 26 යන දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ තද වැසි හා තද සුළං ඇතිවීමට ඉඩ ඇති බව හා ගංවතුර හා නායයෑම් තත්ත්වයන් ඇතිවිය හැකි බවය.

    කෙසේ වෙතත් හෙට (23) සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *