දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් යන පළාත්වලටත් ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවනු ඇති බව ත් දිවයිනේ ප්‍රදේශවල සුළං වේගය විටින් විට ඉහළ යා හැකි බවයි.
ඒ අනුව කැලණි , කළු, බෙන්තර, ගිං, නිල්වලා යන ගංගා හා කිරම ඔය, අත්තනගලු ඔය, මහ ඔය, දැදුරු ඔය, මී ඔය, වලවේ ගඟ සහ ඌරුබොක්ක ඔය ආශ්‍රිතව නිරිත දිග මෝසම් සමය තුළ ගංවතුර අවදානමක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ අතර නැවත දැනුම් දෙන තුරු ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයතුවල නිරත නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙනු ලබයි.
ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා ද මේ වනවිට එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළිි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිරි දින කිහිපයේ උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය , නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රෙද්ශවල ගිගුරුම් සහිත වැසි සමග විටින් විට වැඩි වන සුළං (පැ.කි. 50 – 60) අතර මෙන්ම පැ.කි.මී. 70 – 80 ත් දක්වා ප්‍රහාරාත්මක සුළං හේතුවෙන් මුහුද ඉතා රළු විය හැකි බවයි.
ඉදිරි දින කිහිපයේ දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වී සුළං වේගය ක්ෂණිකව ඉහළ යන බැවින් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනු ලබයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පුත්තලම සිට කොළඹ , ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරබඩ ප්‍රදේශවල මහුදු රළ මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාව පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව ද පවතින බවයි.
තව ද මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බව එම නිවේදනය මඟින් අවධාරණය කෙරේ.




