Headlines

    දුම්රිය කිහිපයක් හෙට ධාවනයට සැලසුම් – දුම්රිය දෙපාර්තමේන්තුව..

    දින 04 ක් පුරා පැවති සංචරණ සීමා ලිහිල් කිරීමට සමගාමීව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇතැයි, නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (23) සඳහන් කළේය.

    කෙසේ වෙතත් සංචරණ සීමා ලිහිල් වන හෙට(25) දිනයේ පොදු ප්‍රවාහන සේවා සඳහා අවසර හිමි නොවන බව, ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඊයේ (23) පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

    මේ අතර හෙට (25) දින,

    පොල්ගහවෙල – මහනුවර
    අවිස්සාවෙල්ල – කොළඹ
    අඹේපුස්ස – කොළඹ කොටුව
    අලුත්ගම – මරදාන
    බෙලිඅත්ත – ඉඳුරුව
    කොච්චිකඩේ – කොළඹ කොටුව

    යන ගමනාන්ත අතර දුම්රිය ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *