Headlines

    දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා පැය 19කට ලිහිල් – සංචරණ සීමා ජුනි 07 දක්වා දීර්ඝ කෙරේ..

    දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 07 වැනිදා දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

    යුද හමුදාපතිවරය ප්‍රකාශ කළේ, ජනතාවට ආසන්නතම වෙළෙඳ සැල වෙත යාමට මැයි 25,31 සහ ජුනි 04 දිනවල සංචරණ සීමා ලිහිල් කරන බවයි.

    කෙසේ වෙතත් සුපිරි වෙළෙඳ සංකීර්ණවල මත්පැන් අලෙවි සැල් ද ජුනි 07 වැනිදා දක්වා වසා දැමිය යුතු බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා පැය 19ක කාලයක් සඳහා අද(25) අලුයම 4.00 ට ලිහිල් කෙරිණ.

    ඒ අනුව යළිත් අද(25) රාත්‍රී 11.00ට පැනවෙන සංචරණ සීමා ලබන 31 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක අතර නැවත  එදිනම රාත්‍රී 11.00ට පැනවෙන සංචරණ සීමා ජුනි 04 වැනිදා අලුයම ලිහිල් කෙරේ.

    යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, එදින ද, රාත්‍රී 11.00 ට යළි පැනවෙන සංචරණ සීමා ජුනි 07 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

    සංචරණ සීමා ලිහිල් කරන සෑම දිනකම අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාමේදී හැඳුනුම්පත රැගෙන යායුතු අතර ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳව දිනපතා නිරීක්ෂණය කරනු ලබයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *