Headlines

    X-Press Pearl නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා..

    පසුගිය 20 වැනිදා කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9 . 5 ක් දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී ගිනි ගත් MV X-Press Pearl නෞකාවෙන් මුදාගෙන රෝහල්ගත කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතැයි කොළඹ ජාතික රෝහල සඳහන් කරයි.

    ඒ ලෙස තුවාල ලබා ඇත්තේ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු බව වාර්තා වේ.

    පසුගිය 20 වැනිදා සිට  මේ දක්වා නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා මෙයෙහුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර පෙරේදා (24) හෙළි වී තිබුණේ, නයිට්‍රික් ඇසිඩ් බහාලුම් සහිත නෞකාවේ බහාලුම් තට්ටුවක් යටින් ගින්න මතුවන බවයි.

    මේ අතර ගිනි ගනිමින් ඇති X-Press Pearl නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් සහ තවත් ද්‍රව්‍ය කොටස් මේ වනවිට මීගමුව සහ අවට වෙරළට ගසා ගෙනවිත් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරයි.

    එම අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ, අදාළ බහාලුම්වල අන්තරායකර ද්‍රව්‍ය අඩංගු විය හැකි බවත්, ඒ හේතුවෙන් එම ද්‍රව්‍ය ආසන්නයට යාම, ස්පර්ශ කිරීම වැනි කටයුතුවලින් වළකි සිටින ලෙසත් ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    කෙසේ වෙතත් නෞකාවේ පැතිර යන ගින්න තවදුරටත් තීව්‍ර වෙමින් පැතිර යන අතර ගිනිගන්නා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබු බහාලුම්වලින් රසායනික හෝ තෙල් කාන්දුවක් සිදුවේදැයි, සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව නාරා ආයතනය සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *