‘යාස්’ චණ්ඩ සුළි කුණාටුව ඊයේ (26) දහවල් ඉන්දියාවට කඩා වැදුණු අතර පැයට කිලෝමීටර් 140ක වේගයකින් එය ගොඩබිමට කඩා වැදුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් ඔඩීෂා ප්‍රාන්තයට හා බටහිර බෙංගාල වෙරළබඩ ප්‍රදේශවල නිවාස ලක්ෂ 03කට පමණ හානි සිදුව ඇති බවයි.
කුණාටුවේ අවදානම හමුවේ පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවත් ගුවන්තොටුපොළවල් කිහිපයක්ම තාවකාලිකව සිය කටයුතු අත්හිටුවා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර කොල්කටා හී දුම්රිය ගමනාගමනය ද තාවකාලිකව නවතා දමා ඇතැයි සඳහන් ය.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙම සුළි කුණාටුව හේතුවෙන් බංග්ලාදේශයට ද බලපෑම් එල්ල වනු ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇති බවය.




