එළවළු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ගොවී ජනතාවට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේය.
පසුගිය සති කිහිපයේම පොහොර නොමැති වීම හේතුවෙන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳව, උඩරට එළවළු ගොවීන් රජයට පැවසුවේ තමන්ට පොහොර ලබා දෙන ලෙසයි.
ඒ අනුව, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල එළවළු ගොවින්ට පොහොර ලබා දීමට පියවර ගෙන ඇති බව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි දී පෞද්ගලික සමාගම් මගින් මිලදී ගන්නා පොහොර තොග ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් ගොවීන්ට ලබාදෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එච්.එම්.එල්. අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




