ජුනි මස 01 වැනි දා සිට මැලේසියාව වසා දමන බව එරට අග්‍රාමාත්‍ය මුහිදීන් යසීන් ප්‍රකාශ කළේය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්රයෙන් ඉහළ යාමත් සමග බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව මැලේසියාව ජුනි 01 වැනි දා සිට 14 වැනි දා දක්වා සම්පූර්ණයෙන් වසා දැමෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එම සති 2ක තුළ එරට තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් අඛණ්ඩව පවත්වාගෙන යාමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ අතර ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 17 ඉක්මවා තිබෙන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 35 ලක්ෂ 37, 549 කි.
ලොව පුරා සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 15 කෝටි 19 ලක්ෂ 54,985 වන අතර තවදුරටත් ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ අමෙරිකාව, ඉන්දියාව, බ්‍රසීලය සහ ප්රංශයෙනි.




