Headlines

    පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙයි..

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි පූජ්‍ය බද්දේගම සමිති හිමි මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම අපවත් වු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    උන්වහන්සේ අපවත් වන විට 68 හැවිරිදි වියේ පසු වූහ.

    අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ, පසුගිය දා කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගත කෙරුණු උන්වහන්සේ එහි ප්‍රතිකාර ලබා යළි විහාරස්ථානයට පැමිණිමෙන් පසු ඇති වූ පෙනහලු ආබාධයක් හේතුවෙන් උන්වහන්සේ යළිත් රෝහල්ගත කර සිටියදී අපවත් වූ බවයි.

    බද්දේගම සමිති හිමියන් ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස  දේශපාලනයට පැමිණි අතර උන් වහන්සේ මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුයේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමිනි.

    මෙරට භික්ෂු දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වූ පුජ්‍ය බද්දේගම සමිත හිමියන් 2001 වසරේ සිට 2004 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර උන්වහන්සේ මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂූන් වහන්සේද වෙයි.

    පුජ්‍ය බද්දේගම සමිත හිමියන් දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *