Headlines

    චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුවට..

    රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුව ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    පසුව ඔවුන් දෙදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ඊයේ (30) රාත්‍රී කොළඹ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි.

    ඒ අනුව එළඹෙන අගෝස්තු 27 වනදා නඩුව යළි කැඳවීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මීට අමතරව උපන්දින සාදයට පුද්ගලයින් 25 දෙනෙකු සහභාගී වී සිට ඇති බව එහි CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසු පොලීසියට කරුණු අනාවරණය වී ඇති අතර ඉන් 12 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සෙසු සාමාජිකයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *