Headlines

    ධීවර කටයුතුවලට හෙට සිට අවසර..

    මා ඔය, මීගමුව ප්‍රදේශයේ සිට පානදුර දක්වා තහනම් කළ කලාපයක හැර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම සඳහා හෙට(01) සිට ධීවරයින්ට අවස්ථාව හිමි වන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේය.

    ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මීගමුව කලපු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වීම තවදුරටත් තහනම් වන බවයි.

    X-PRESS PEARL නෞකාවේ ගින්නත් සමග සාගරයට විෂ රසායනික මුසුවීම හේතුවෙන් ධීවර කටයුතු තාවකාලිකව නතර කරනු ලැබු අතර මා ඔය ප්‍රදේශයේ සිට කිලෝමීටර 2 ක්, මීගමු කලපුවේ සිට කිලෝමීටර 6 ක්, නෞකාව ගිනිගත් ස්ථානය ආශ්‍රිත කිලෝමීටර 16 ක්, ගල්කිස්සේ සිට කිලෝමීටර 4 ක් සහ පානදුරයේ සිට කිලෝමීටර 2 ක් ලෙස තහනම් කලාපය වෙන්කර ඇති බව වාර්තා වේ.

    එහි දී තහනම් කලාපය ලෙස නම් කර ඇත්තේ, නෞකාවේ සුන්බුන් සහ විෂ රසායන අඩංගු යැයි අනුමාන කෙරෙන ප්‍රදේශ වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *