දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇඳහැළුණු අතර ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
එහි අගය මි.මී. 311.5 ක් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර ඇඳහැළුණු මහ වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි පාරිභෝගිකයින් 44,000 කට විදුලි සැපයුම ඇනහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවයි.
පවතින අධික වර්ෂාවත් සමග පස්කඳු කඩා වැටිම් හා නායයාම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති අතර ඉන් එක් අයෙකු සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බේරා ගත් අදාළ පුද්ගලයා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර අතුරුදන් අනෙක් පුද්ගලයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ්‍ය.

මේ අතර පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට ඇඳහැළුණු අධික වර්ෂාපතනය ත් සමග ජලාශ කිහිපයක වාන්දොර විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් අඩි 2 බැගින් විවෘත කර ඇති බවත් මේ වනවිට ඉන් තත්පරයට ඝණ අඩි 3240ක් ජල ධාරිතාවක් මුදා හරින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් ද අඩි 2 බැගින් විවෘත කර ඇති අතර ඉන් ද තත්පරයට ඝණ අඩි 2800ක ජල ජලධාරිතාවක් මුදාහරිමින් ඇති බවයි.
මේ අනුව තවදුරටත් එම ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබුණ හොත් ඉදිරියටත් දැඩි අවධානයකින් පසු වන ලෙස ජලාශ ආශ්‍රිත ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.




