Headlines

    ස්පුට්නික් V එන්නත ඉන්දියාවේ නිපදවීමට අනුමැතිය..

    රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොරෝනා මර්දන එන්නත ඉන්දියාවේ නිපදවීම සඳහා ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

    එරට මාධ්‍ය වාර්තා කළේ, එම එන්නත නිෂ්පාදනය සඳහා ඉන්දියාවේ සීරම් ආයතනයට අවසර ලැබී ඇති බවයි.

    ඒ අනුව පූනේහි පිහිටි කර්මාන්ත ශාලාවේ ස්පුට්නික් එන්නත පරීක්ෂා කිරීම විශ්ලේෂණය කිරීම සහ නිෂ්පාදනය කිරීම සිදු කරන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත් ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබා දී ඇති බලපත්‍රයෙන් න්නත පරීක්ෂා කිරීම සඳහා නිෂ්පාදනය කළ හැකි අතර එය අලෙවි කිරීමට මේ වන තෙක් සීරම් ආයතනයට අවසර ලබා දී නොමැති බව සඳහන් වේ.

    කෙසේ නමුත් ලොව අංක 1 එන්නත් නිෂ්පාදන ආයතනයක් වන ඉන්දීය සීරම් ආයතනය මේ වනවිටත් ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත එරට නිෂ්පාදනය කර අලෙවි කරනු ලබයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *