Headlines

    කුළුණු මත අධිවේගයේ ඉදිකිරීම් අද ඇරඹේ..

    නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත සකසන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද (07) ආරම්භ විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිට සූම් තාක්ෂණය ඔස්සේ එහි සමාරම්භක උත්සවය පැවැත් වුණි.

    ඉදිකිරීමට සැලසුම් කර ඇති නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගය මංතීරු 04 කින් සමන්විත අතර කිලෝමීටර් 16.4 කින් දිගකින් සමන්විතවේ.

    එම මාර්ගයේ ඉදිකිරීම් චයිනා හාබර් ඉංජිනේරු සමාගම මගින් සිදු කරන අතර මේ සඳහා ඇස්තිමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 134.9 කි.  

    මේ අතර මෙම නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට සමගාමීව කොළඹ හා මහනුවර නගර ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ද අද (07) ආරම්භ විය.

    ඒ අනුව කොහුවල මංසන්දිය, ගැටඹේ මංසන්ධිය, කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවත සහ උත්තරානන්ද මාවත ආශ්‍රිතව ගුවන් පාලම් ඉදිකරනු ලබයි.

    හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකරන කොහුවල ගුවන් පාලම මීටර් 217. 30 ක් දිගින් යුක්ත වන අතර ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2648 කි.

    තව ද හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකෙරෙන ගැටඹේ ගුවන් පාලම මීටර් 396.70 දිගින් යුක්තය.

    ඒ සඳහා වැය වන මුළු වියදම රුපියල් මිලියන 9451 කි.

    මේ අතර කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගය සහ බේරේ වැව මතින් බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත සම්බන්ධ කරමින් ඉදිකරන ගුවන් පාලම ද මාස 12ක කාලයක් ඇතුළත සාදා නිම කිරීමට අපේක්ෂිත අතර ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2730 කි.

    විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම හා උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන් පාලමේ දිග මීටර 310 ක් වන අතර පළල මීටර 6.9 කි.

    එම ව්‍යාපෘතිය නිම කිරීමට මාස 12ක කාලයක් ඇස්තිමේන්තු කර ඇති අතර එහි ඉදිකිරීම් මාගා ඉංජිනේරු සමාගම විසින් සිදු කරනු ලැබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *