Headlines

    ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් යාලට..

    දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදා සමාජිකයින් අද (8) යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වන බව සංචාරක සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේය.

    ඒ, ප්‍රංශ තනාපති කාර්යාලය මෙරට විදේශ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලිමකට අනුවයි.

     ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ , ඔවුන්ගෙන් 101 දෙනකු යාල වනෝද්‍යානයේ ද 86 දෙනෙකු උඩවලව ජාතික වනෝද්‍යානයේද, 235 දෙනෙකු හබරණ ප්‍රදේශයේ ද, සංචාරය කීරිමට නියමිතව බවයි.

    එහි දී මෙම පිරිස සඳහා සංචාරක මගපෙන්වන්නන් හා සෆාරි ජීප් රථ ද යොදවා ඇති බව ද වාර්තා වේ.

    මේ අතර වනජිවී දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රංශ නාවික හමුදා සමාජිකයින් පිරිසට සංචාරය කිරීම සඳහා අද යාල ජාතික වන උද්‍යානය විවෘත කරන බවත් ඔවුන් ජෛව බුබුල සංකල්පය යටතේ එහි සංචාරය කරනු ඇති බවත් ය.

    ඊයේ (07) කොළඹ වරායට ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් 750 කු රැගත් නෞකා දෙකක් පැමිණි අතර ඔවුන් ලබන 11 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටිමට නියමිත බව සඳහන් වේ.

    මේ අතර  ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් ලැගුම් ගන්නා හෝටල්වල පමණක් සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසුවේය.

    ඒ මහතා සඳහන් කළේ,  ආරක්ෂිත හා සුරක්ෂිත පළමු පෙළ හෝටල්වල කොන්දේසිවලට යටත්ව එම අවසරය ලබා දී ඇති බවත් සංචාරක අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා පමණක් එම පහසුකම ලබාදී තිබෙන බවත් ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *