ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබේ.
මෙවර එහි තේමාව වී ඇත්තේ “සාගර ජීවිතය සහ ජීවනෝපාය” යන්නයි.
මේ මුළු පෘථිවි ගෝලයෙන් ගොඩබිමට හිමි වන්නේ 29% ක් වැනි ඉතා කුඩා ප්‍රමාථයක් වන අතර අනෙක් 71 % ආධිපත්‍ය ජල ගෝලයට හිමිව තිබේ.
නමුත් එතරම් ජලයක් මේ පෘථිවි තලය මත තිබුණත් මිනිස් පරිභෝජනයටගත හැක්කේ 0.3% ක් තරම් අඩු ජල ධාරිතාවකි.
ඒ අනුව ලෝකයේ පවතින ජල ප්‍රමාණයෙන් 97% ක් ම කරදිය ලෙස සාගරයේ ඇති අතර පෘථිවියේ සිටින සතුන්ගෙන් 95% ක්ම ජීවත්වන්නේ මේ සුන්දර සාගරය තුළ වීම විශේෂත්වයකි.
එහි දී සාගරයේ පැවැත්ම, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක් වන අතර මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමිවන අතර කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් 30% ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද මහා සයුරයි.
කෙසේ වෙතත් ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය හේතුවෙන් මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වනවිට බරපතල තර්ජනයකට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා මුහුදු කලාපයට වාර්ෂිකව අපද්‍රව්‍ය ටොන් මිලියන 0.24 ත් 0.64 ත් ප්‍රමාණයක් මුදා හැරෙන අතර වාර්ෂිකව සමස්ත ලෝකයේ සාගර පද්ධතියට එක්වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය ටොන් මිලියන 8.8 කි.

මේ අතර ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය වලින් නිරන්තරයෙන් දූෂණය වන අපේ මුහුදට ඉතිහාසයේ නොවූ විරු හානියක් සිදුවන්නේ මීට දෙසතියකට පමණ පෙරය. එහි ආදීනව කොතෙක් දුර දිග යාවිදැයි අපට පුරෝකතනය කරන්න බැරි තරම්ය.


මේ සිදුව ඇති විනාශයෙන් සාගරය රැක ගැනීමට අප කටයුතු කළ යුතු නොකළහොත් අපගේ අනාගත පරපුර ද අමාරුවේ වැටෙනවා නොඅනුමානය.




