දිවයිනේ නිරිත දිග කොටසේ අද(08) සහ හෙට(09) දින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බවයි.
ඒ අනුව ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි වයඹ පළාතෙත් කොළඹ ගම්පහ, කෑගල්ල, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ක් දක්වා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පසුගිය දිනවල දිවයිනට බලපෑ වර්ෂාධික කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88 ක බලපෑම් එල්ල වූ බවය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් හටගත් ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් 271,110 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂ එස්.පී.සී. සූගිෂ්වර මහතා පැවසුවේ, අධීක වර්ෂාවත් සමග පිටාර ගැලු කළු, කැලණි, ගිං ගංඟා මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ද මේ වනවිට ක්‍රමයෙන් පහළ යමින් පවතින බවයි.
කෙසේ වෙතත් කොළඹ , ගාල්ල , ගම්පහ , කළුතර , මහනුවර , කෑගල්ල , මාතලේ , නුවරඑළිය සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයෑම අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.




