චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානයක් අද (09) අලුයම 5ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
ඒ අනුව එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරිරථ මඟින් ප්‍රවහනය කිරීම සිදු කර ඇත.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, එම එන්නත් තොගයත් සමග මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 3.1ක් වන බවයි.
මේ මාසය තුළ එන්නත් මිලියන 03 ක් දිවයිනට ලැබීමට නියමිත බව ජනාධිපති උපදේශක ලලිත් විරතුංග මහතා සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ, මේ වසර අවසන් වීමට පෙර එන්නත් ලැබීමට සුදුසුකම් ලබා ඇති ජනගහණයෙන් 65% කට හෝ 70% කට එන්නත් ලබා දෙන බවයි.
මේ අතර මෙරට පුද්ගලයන් 1,033,000කට පමණ “සයිනොෆාම්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.




