ගර්භනී මව්වරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද(09) සිට ආරම්භ විය.
විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, කොරෝනා ආසාදනය වී පසුගිය සති කිහිපයේ ගර්භනී මව්වරුන් කිහිපදෙනෙකු මිය යාමත් සමග ඔවුන්ට එන්නත්කරණය සිදු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බවයි.
ඒ අනුව ගර්භනී මව්වරුන්ගේ කැමැත්ත විමසා මෙම එන්නත්කරණය සිදු කෙරෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේය.
අද (09) දිනයේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් ගර්භනී මව්වරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම සිදු කෙරිණ.
මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණය අද(09) දිස්ත්‍රික්ක 16ක ස්ථාන 110කදී සිදු කරනු ලැබිණ.
ඒ කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, බදුල්ල, නුවරඑළිය, මාතලේ, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්වලදීය.




