දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ලබන 14 වැනිදා අලුයම 4.00 ට ඉවත් කිරීමට තිබු සංචරණ සීමා එදිනට ඉවත් නොකෙරෙනු ඇති අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත් සංචරණ සීමා දිර්ඝ කෙරුණ ද ඇගළුම් වැනි කර්මාන්ත , ඉදිකිරීම් ව්‍යාපෘති හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා හැකි අතරම කෘෂිකර්මාන්තයට අදාළ කටයුතුත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය නිර්දේශ යටතේ අවසර හිමිවේ.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ, බැංකු කටයුතු සහ ආර්ථික මධ්‍යස්ථාන ද දැනුම් දෙන දිනවල විවෘත කළ හැකි බවයි.




