ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි CEYPETCO ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල Rs 20කින් වැඩි කරන බවයි.
ඒ අනුව එහි නව මිල රුපියල් 157කි.
තව ද ඔක්ටේන් 95 Rs 23කින් ද, ඔටෝ ඩීසල් Rs 7කින් ද, සූපර් ඩීසල් Rs 12කින් ද, භූමිතෙල් Rs 7 කින් ද මිල ඉහළ දැමූ බව බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.





