Headlines

    ඉන්ධන මිල ඉහළ දැමීම – බස් ගාස්තුවත් වැඩි වෙයි ද..

     ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවා ඇති බස් රථවල ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

    එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, පසුගිය 11 වෙනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ මෙම තීරණය ගන්නා බවයි.

    කෙසේ වෙතත්  බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ලබන සඳුදා (14) තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

    අදාළ බලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පාසල් ළමුන් ප්‍රවාහන කරන්නන්ගේ සංගමයේ සභපති මල්ශ්‍රී ද සිල්වා මහතා ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්යෙන් අදහස් දක්වමින් සඳහන් කළේ, ගාස්තු ඉහළ නැංවිය හැකි ද යන්න පිළිබඳ තම පාර්ශවය ද සලකා බලන බවයි.

    මේ අතර සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සාපේක්ෂව තමන් ද පසුගිය 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ බව ලංකා අයි.ඕ.සි සමාගම සඳහන් කළේ ය.

    පසුගිය 11 වෙනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගත් අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ යන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

    තව ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 157 ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් ඉහළ දමා ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *