අසල්වැසි ඉන්දියාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඊයේ (14) දිනයේ එරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 68,000 ක් බව විදෙස් මාධ්‍ය වර්තා පෙන්වා දෙයි.
විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කරන්නේ, මේ වනවිට වාර්තා වන ආසාදිතයින්ගේ අඩුවීම හමුවේ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොරෝනා රෙගුලාසී සීමාවන්ට යටත්ව ලිහිල් කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇති බවයි.
පසුගිය කාලසීමාවේ ඉන්දියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා වාර්තා වුණි.




