ගෙවුණු දිනයේ (14) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 55 ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම නිවේදනයට අනුව, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) එම මරණ තහවුරු කරනු ලැබ තිබේ.
මේ අතර තහවුරු කරනු ලැබූ මරණ අතරින් 33 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 22 දෙනා කාන්තාවන් බව දැක්වේ.





