මෙරට ර්ය බලශක්ති උත්පාදනය වැඩි කිරීමට ඉන්දියාව සමග අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය සම්මුති ගිවිසුමකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම ව්‍යපෘතිය මඟින් රජයේ ගොඩනැගිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්රමුඛ සැලැස්මය.
මෙම ගිවිසුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් පිරිනැමීමට එකඟතාව පළ කරමින් දෙපාර්ශවය අතර ණය සම්මුති ගිවිසුමකට ඊයේ (16) එළඹ තිබේ.
මෙම ව්‍යපාතියේ ළමු අදියර ලෙස පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් ලෙස දියවන්නා ඔය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.




