මෙරට නව අමෙරිකානු තානාපති ලෙස Julie Jiyoon Chung මහත්මිය නම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කළේය.
ඒ අනුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් පසුගිය 15 වැනි දා මෙම නම් කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.
එහි දී Julie Jiyoon Chung මහත්මිය ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයිනේ ද තානාපති ලෙස නම් කර තිබේ.
Julie Jiyoon Chung මහත්මිය විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් ද, අමත්‍යාංශ උපදේශකවරියක් ලෙස සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරියක් ලෙසත් මේ වනවිට කටයුතු කරනු ලබයි.
කෙසේ නමුත් මීට පෙර ද ඇය කාම්බෝජය, තායිලන්තය, ඉරාකය, කොලොම්බියාව, වියට්නාමය, ජපානය සහ චීනය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල විවිධ තනතුරු දරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.




