එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණෘයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් නොකිරීමට එම පක්ෂය පියවර ගෙන තිබුණු අතර පසුව පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා යෝජනා කිරීමට පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කෙළේ්ය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද (23) දින මෙලෙස දිවුරුම්දුණී.
මේ අතර අද (23) උදෑසන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වු පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ විරෝධතාවයක් සිදු කර ඇත.
ඒ, රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමිනි.






