පසුගිය 21 වන දා අළුයම ලිහිල් කල සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට යළි දිවයින පුරා ක්‍රියාත්මක වෙයි.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එය 25 වන සිකුරාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක බවයි.
එහි දී යළිත් 25 වනදා අලුයම 04.00ට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් වනු ඇති අතර පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා පැවසුවේය.
මේ අතර සංචරණ සීමා ලිහිල් කර ඇති කාලසීමාව තුළ බස්නාහිර පළාතේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරි සඳහා කැඳවා ගත යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් තිබිණ.
එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ, අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරි සඳහා කැඳවිය යුත්තේ ආයතන ප්‍රධානියාට අත්‍යවශ්‍යය ප්‍රමාණයට පමණක් බවත් පෞද්ගලික අංශයේ ආයතනද අවශ්‍ය අවම කාර්යය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යායුතු අතර හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කිරීමට උනන්දු කළ යුතු බවත් ය.




