තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක් දිනක් තුළ දී ඉපැයූ වැඩිම ආදායම ඊයේ (22) වාර්තා වූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.
ඒ මහතා පැවසුවේ, ඊයේ (22) දින තුළ පමණක් රුපියල් කෝටි 28කට අධික මුදලක් සිය දෙපාර්තමේන්තුව උපයා ඇති බවයි.
එම මුදලින් රුපියල් කෝටි 22 ක්ම උපයා ඇත්තේ, විදුලි බිල් අයකිරීම් මගින් බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර දිවයිනේ පුරා සංචරණ සීමා ඉවත් කළ පසුගිය 21 වැනි දා ද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22 කට වැඩි ආදායමක් ඉපයූ බවත් ලංකා විදුලිබල මණ්ඩල, ජල සම්පාදන මණ්ඩල බිල්පත් ගෙවීම් ඇතුළුව ආයතන 18ක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මෙම ආදායම් උපයා ගෙන ඇති බවත් තැපැල්පතිවරයා ප්රකාශ කළේ ය.




