Headlines

    බ්‍රිතාන්‍ය නෞකාවකට රුසියාවෙන් ගුවන් ප්‍රහාර..

    රුසියාව විසින් සිය මුහුදු සීමාව උල්ලංඝණය කළ බ්‍රිතාන්‍ය නෞකාවකට අනතුරු ඇඟවීමේ ගුවන් ප්‍රහාර එල්ල කළ බව රුසියාව සඳහන් කරයි.

    එම බ්‍රිතාන්‍ය යුද නෞකාව කළු මුහුද ඔස්සේ යාත්‍රා කර, ක්‍රිමියාව හරහා සිය මුහුදු සීමාව උල්ලංඝණය කර ඇති බව රුසියානු හමුදාව ප්‍රකාශ කළේය.

    රුසියානු හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ, එම අවස්ථාවේ දී රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් මගින් බ්‍රිතාන්‍ය නෞකාව දෙසට අනතුරු ඇඟවීමේ බෝම්බ ප්‍රහාර හතරක් එල්ල කර ඇති අතර රුසියානු වෙරළාරක්ෂක නෞකාවක් ද මුහුදු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථානගත කළ බවයි.

    ඒ අනුව රුසියානු ගුවන් බෝම්බ ප්‍රහාර එල්ල වී විනාඩි කිහිපයක් තුළ බ්‍රිතාන්‍ය නාවික හමුදා යුද නෞකාව ආපසු පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *