Headlines

    ඇමෙරිකාවේ තට්ටු 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටේ – පුද්ගලයින් 100 ක් අතුරුදන්..

    ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමී නගරයේ මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 100 ක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අතුරුදන්වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මියගිය එක් අයකුගේ සිරුරුක් සොයා ගෙන ඇති බවයි.

    මියාමී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවක් සිට ඇත්දැයි නිශ්චිතව කිව නොහැකි බවයි.

    මේ අතර කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 35 දෙනෙකු පමණ මේ වන විටත්, බේරාගෙන රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පුහුණු සුනඛයන් හා ඩ්‍රෝන යානා භාවිත කරමින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.

    කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව තවමත් සොයාගෙන නොමැති බව සදහන් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *