Headlines

    පුද්ගල මළ සිරුරක් කැලණි ගඟේ…

    අත් පා ගැට ගසා දමන ලද පුද්ගල මළ සිරුරක් නවගමුව, රණාල ප්‍රදේශයේදී කැලණි ග‍ඟේ පා වෙමින් තිබියදී ඊයේ (26) සවස හමු විය.

    වයස අවුරුදු 54 ක් පමණ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් එලෙස සොයාගන ඇති අතර හමුවූ මළ සිරුර හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි කට්ටඩියෙකුගේ බවට අනාවරණය වී තිබේ.

    පොලීසිය සඳහන් කළේ, අදාළ මළ සිරුරේ දෑත් පිටුපසට කර දම්වැලකින් ගැට ගසා අගුළු දමා තිබී ඇති බවය.

    මොහු පිළීබඳ සොයා බැලීමේ දී මොහු අනියම් බිරිද සමග වසරක කාලයක් තිස්සේ එම කුලී නිවසේ තාවකාලිකව පදිංචිව සිට ඇති අතර පසුගිය 23 වනදා රාතී 10.00 ට පමණ නිවසට පැමිණි පිරිසක් මොහු පැහැරගෙන ගොස් ඇත.

    ඒ අනුව ඊයේ (26) දිනයේ ඔහුගේ සිරුර කැලණි ගඟේ පා වමෙින් තිබියදි එලෙස හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

    සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *