Headlines

    කොලොම්බියා ජනපතිට වෙඩි ප්‍රහාරයක්..

    කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් හා  තවත් ප්‍රභූන් කිහිප දෙනෙකු ගමන් ගත් හෙලිකොප්ටර් යානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි,ජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වෙනිසියුලා දේශසීමාව ආසන්නයෙන් පියාසර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානයට මෙම වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙන අතර ජනාධිපතිනරයට අමතරව එරට ආරක්ෂක අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයෙකු එම යානයේ සිටි බව සඳහන් ය.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් එහි ගමන් ගත් කිසිවකුට ත් හානියක් සිදුව නොමැති බවයි.

    කොළොම්බීය ජනාධිපතිවරයා මෙම සිද්ධියෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙවැනි බියගුළු ප්‍රහාරය හෙළා දකින බව ත් ප්‍රචණ්ඩත්වයෙන් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලින් තමා බියට පත් නොවන බවත්ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *