Headlines

    සයිනොෆාම් මාත්‍රා මි. 2 ක් ලබන සතියේ..

    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව ඇති බව ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කළේය.

    ඒ අනුව ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බව එම තනාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත ද මෙරට හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි වූ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට මොඩර්නා සහ ෆයිසර් එන්නත් භාවිත කරමින් දෙවන මාත්‍රාව ලබාදීමට තීරණය කර තිබේ.

    කෙසේ වෙතත් ඉන්දියාවේ ද මොඩර්නා එන්නත සඳහා ඊයේ (29) අවසර හිමි වුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *