පසුගිය මැයි මස 22 වන දා මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගත් මේ වන විට මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ අතුරු වන්දි මුදල ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව රුපියල් මිලියන 720ක මුදලක් මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.
එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ, අදාළ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් නෞකාවෙන් සිදුවූ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට ලබා දීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව නෞකාවේ බලපෑමෙන් සෘජුව පිඩාවට පත් ධීවරයින්ට පළමුව වන්දි ලබා දීමට පියවර ගන්නා බව, ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
එම වන්දි මුදල ඉතා කඩිනමින් ලබා දීමට පියවරගන්නා බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය.